විශ්වයේ අපුර්වත්වය සොයා යන ගමනක් - පළමු පියවර
සඳලුතලයට වී මද වෙලාවක් රාත්රී අහස දෙස දෙනෙත් යොමු කරන විට ඔබගේ චංචල සිත කලබලකාරී පරිසරයෙන් මිදී මදක් එපිට පිහිටා ඇති සොඳුරු විශ්වයට පියඹා යයි. ඔබට දකින්නට ලැබෙන ග්රහයින්, තාරකා, ග්රාහක කැබලි යන මේ සියල්ල පිළිබඳ අධ්යනය තාරකා විද්යාව නම් වේ. සරලව ගත් කල, තාරකා විද්යාව යනු අපගේ වායුගෝලයේ ඉහලින් පිහිටා ඇති සියළු දේ පිලිබඳ අධ්යනයක් වන අතර එය සියළු විද්යාවන්ගේ එකතුවකි. එය ගණිතය, භෞතික විද්යාව, රසායන විද්යාව, භූ ගර්භ විද්යාව, පරිගණක විද්යාව මෙන්ම ජීව විද්යාව ද කැටි වූ ආකර්ශනීය සංකලනයකි.
වසර දහස් ගණනකට පෙර සිටි ජනයා තාරකා විද්යාව නම් වූ විෂය දැන නොසිටියත් මෙහි අර්ථය මද දුරක් වටහා ගෙන ඇති බව අප සැමට ප්රත්ය වන අතර පුරාණ චීන ජනයා, බැබිලෝනියානුවන් සහ ග්රීකවරුන් වැනි පුරාණ ජන කොට්ඨාශ මෙම සොඳුරු විද්යාව පිළිබඳව මුලික අඩිතාලමක් තැබූ පිරිසක් ලෙස සැලකිය හැක. පසු කාලීනව ඇරිස්ටෝටල්, ටොලමි, ජෝහැනස් කෙප්ලර් , නිකලස් කොපර්නිකස්, ගැලිලියෝ ගැලලි වැනි උගතුන් විශ්වයේ සැඟවුණු රහස් සොයා ගැනීමට තම වටිනා කාලය වැය කළහ.
අද වනවිට තාරකා විද්යාව පිළිබඳ අධ්යනයන් වැඩි දියුණු වී නව සොයාගැනීම් සිදු වී ඇති අතර ඇමරිකාවේ නාසා ආයතනය මෙම සොයාගැනීම් වල ප්රසිද්ධ ස්ථානයක් උසුලයි. එමෙන්ම මේ වනවිට රුසියාව, ඉන්දියාව වැනි රටවල් ද තාරකා විද්යාව පිළිබඳ අධ්යනයන් සිදු කරමින් පවතී. තවද, අභ්යවකාශ ජනාවාශ සැකසිමේත් විශ්වයේ සැඟවුණු ජීවය සොයා යාමේත් මුල් අඩිතාලම තබමින් පවතියි.අපේ රට වූ ශ්රී ලංකාවද මෙම විෂයේ නවමු මන්පෙත් විවර කිරීමට වෙර දරමින් සිටියි.
තාරකා විද්යාවේ විවිධ වූ පැතිකඩයන් වල අපුර්වත්වය ඔබට ඉදිරියේදී විදහා දක්වන්නට අප සූදානම් වන්නෙමු.
විද්යා පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය
පේරාදෙණිය විශ්වවිද්යාලය


👍👍👍👍
ReplyDelete