අදෘශ්‍යමාන බලවේග සත්‍ය ද ?


 මරණය  යනු  සෑම  සත්වයෙකුටම  උරුම  පොදු  ධර්මතාවයකි.   මෙම  විශ්වය  තුල  හටගත්  සැම  ජීවි  අජීවී  සත්වයෙක්ම  සහ වස්තුවක්ම  කවද  හෝ  දිනෙක  මරණයට  , විනාශයට  පත්වීම  නොවැලැක්විය  හැකි  දෙයකි.

 මරණෙන්   මතු  ජීවිතය  පිළිබඳව  සමාජය  තුල  විවිධ   මතවාද  අසන්නට  දකින්නට  ලැබේ . ඒ  අතරින්  ආගමික  මතවාද  විශේෂ  තැනක්  ගනී . බොහෝ  ආගමික  ඉගැන්වීම්  වලට  අනුව  මරණය  යනු ,  කිසියම්  සත්වයෙකුගේ  මනෝකාය  අදාල  ශරීරයෙන්  ඉවත්ව  වෙනත්  අත්මභාවයක්  ලබා  ගැනීම  සඳහා   වෙනත්  භෞතික  ශරීරයක්  කරා  ගමන්  කීරිමයි. තවද , තවත්  මතවාද  වලට  අනුව  සත්වයෙක්  මරණයට  පත්වීමෙන්  අනතුරුව  අදාල  සත්වයාගේ  ආත්මය  දෙවියන්  වහන්සේ  කරා  ගමන්  කරන  බවට  සඳහන්  වේ.  ඒ නමුත් , මේ  සියලු  මතවාද  මෙලෙස  පවතින  කල  අප සමාජය  තුලින් මේ හා  සම්බන්ධ   අත්භූත    කරුණු  කාරණා  අසන්නට  සහ  දකින්නට   ලැබේ. එනම් , වෙන  කිසිවක්  නොව , හොල්මන් , අවතාර ,  ප්‍රේතආත්ම , යන  සම්මත  ගවේෂණයන්ට  පරිබාහිර  වූ  දෑ වේ .

 සත්‍ය  වශයෙන්ම  හොල්මන්  අවතාර  සිටිනවද ? එසේනම්  මෙම  සත්වයන්  කවූරුන්ද ? ඔවූන්  මිනිස්  ජීවිත  කෙරෙහි  බලපෑම්  ඇතිකරනවද ? නැත්නම්  මොවූන්  මරණෙන්  පසු  වෙනත්  අත්මභාවයක් ලබා  ගැනීමටත්  නොහැකි  වූ , දෙවියන්  වහන්සේ  කරා   ගමන්  කිරීමටත්  නොහැකි  වූ  මිනිස්  ඇසට  නොපෙනෙන  වෙනත්  මානයක  සිටින  සත්ව   කොට්ඨාශයක් ද  ?   යන්න  ප්‍රශ්න රාශියක් පිළිතුරු  නැතිව  වර්තමාන  සමාජය  නිරුත්තරව  සිටි .

 තවද , මෙම  හොල්මන්  , අවතාර , බොහෝදෙනා  මිත්‍යාවක්  ලෙස  බැහැර  කරයි , කෙසේවෙතත්  ලොව  නන්  දෙසින්  මේ  හා  සම්බන්ධව  සිදුවන  සිදුවීම්  සලකා   බැලු  කල   මෙම  සංකල්ප  හුදෙක්  මිත්‍යාවක්  ලෙස  බැහැර  කල  යුතුද  යන්න  දෙවරක්  සිතා  බැලිය  යුතුය .

 එසේනම්  "PARANO PERA " අපි විසින්  ඉදිරියේදී   මෙවැනි  කරුණු  කාරණා  , සිදුවීම්  සහ  විවිධ  සමාජ  මතවාද  පිළිබඳව  තියුණු ඇසකින්  ගවේෂණය කර සත්‍ය  කුමක්ද  යන්න  ලොවට   හෙළි  කීරීමේ  අපේක්ෂාවෙන්  දැනට  සමුගනිමි .



          රචනය
    W.S. නිරෝෂන්
 කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Comments

  1. මේ ආටිකල් කියවල බලන්න
    https://sandaruwn.blogspot.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පිටසක්වල ජීවින් සහ පියාඹන පීරිසි හා බැඳුනු කතා

ශ්‍රී රාවණ වංශය