ශ්රී රාවණ වංශය
මහාවංශයට වැඩ ඉපැරණි ලියවිල්ලක් වන "වරිග පූර්ණිකාව" නම් යක්ෂ ජන සමුහයට අයත් පුස්කොල පොතෙහි ශ්රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෙගරාණ මන්ඨත ලෙස හැදින්වේ., එහි තේරුම " සියල්ල සම්පුර්ණ කල යකා " වේ.
අද වන විට රාවණ රජතුමා සම්බන්ධ තොරතුරු වලලා දමමින් ලංකා ඉතිහාසයෙන් රාවණ යුගය ඉවත් කර ඇත. ඒ වෙනුවට ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්වන අලුත් ඉතිහාසයක් හදුන්වාදී ඇත. එබැවින් ශ්රී රාවණ වංශය පිලිබදව සැබැ තොරතුරු නිවැරදිව ගවේෂණය කිරීම ඉතා වටි., මක්නිසාදයත් ලොව පැරණිතම ඉතිහාසයක් ඇති රාවණ පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක් වන බැවිනි. ඉපැරණි මුලාශ්ර වලට අනුව කිසිදා විනාශ කල නොහැකි ලෙස මහා බ්රහමයාගෙන් වරම් ලැබූ එකම මනුෂ්යා වන්නේ රාවණ රජතුමාය.
ඒ අනුව කිසියම් කාලයකදී රාවණ රජු යලි නැගී සිටින බව පුරාතන මුලාශ්ර වල සදහන් වේ. එය කෙදිනක කෙසේ වනු ඇතිද යන්න අවිනිශ්චිත වන නමුත් අනිවාර්යයෙන්ම සිදුවන බවට එම මුලාශ්ර වල සදහන්ය.
මේ අතර ශ්රී රාවණ අධිරාජයේ බලය හා ශක්තියට ප්රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්වාම ක්රියාත්මක වෙමින් පවතී. වාල්මිකී නම් කතුවරයා විසින් රචිත ඉන්දියානු වීර කාව්යක් වන රාමායනය කෘතියෙහි විටෙක රාවණ චරිතය ශ්රේෂ්ට ලෙසත් තවත් විටෙක දුෂ්ට ලෙසත් ඇඟවීමට උත්සහ කර ඇත.
තවද , රාවණ රජතුමා විසින් සීතා දේවිය සඟවාගෙන තබුවයි සැක කෙරෙන ගුහාවක් පිළිබඳව තොරතුරු වර්තමානය වන විට අනාවරණය කරගෙන ඇත. ඒ අනුව යමින් ස්වාදීන රුපවාහිනී සේවයේ " වෙනස" වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමේ පිරිසක්ද පසුගියදා එම තොරතුරු ගවේෂණය කළහ.
එහිදී ඔවුන් දුෂ්කර ගමන් මගක් ඔස්සේ යමින් " නීල් දිය පොකුණ " ලෙස සඳහන් ස්ථානය ද , සුඛෝපභෝගි කාමර ලෙස යොදාගත් ස්ථාන කිහිපයක් ගවේෂණය කර තිබුණි. මේ අනුව ශ්රී රාවණ වංශය පිලිබදව ඇති තොරතුරු නිවැරදි බව පසක් කරගත හැක. ඒ සඳහා දැන් අවශ්ය වන්නේ නිවැරදි , සත්ය හා අවංක මෙහෙයවීමක් පමණි. නිසි පරිදි ගවේෂණය කරමින් ශ්රී රවණා වංශයේ විශිෂ්ටත්වය හෙළිදරව් කර ගත යුතුව ඇත. අපගේ මේ වෑයම වන්නේද සඟවා ඇති සත්ය හෙලිකරගැනීමයි .
රාම රාවණ මහා සංග්රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණ රජු මියයාම නොව විෂ හී සාරයෙන් සිහිමුර්ජා වීම බවත් රාවණ රජු නැවත පණ ලබන්නේ මහා බ්රහ්මයාගේ ආශීර්වාදයෙන් බවත් සිද්ද රාජ පත්තිරුවල සඳහන්ව වී තිබේ. රාවණ රජුගේ සිරුර මහාකුඩුගල ගිරි ශිකරයේ ශෛලමය මංජුසාවක තැන්පත් කල ඇති බව රාවණ කතා පුස්කොල ග්රන්ථයේ සඳහන්ව ඇත.
මේ අනුව ශ්රී රාවණ වංශය පිළිබඳව නිවැරදිව ගවේෂණය කර තොරතුරු අනාවරණය කර ගැනීම ඉතා වටිනා කාර්යයකි.
ඉදිරියේදී ශ්රී රාවණ වංශය පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මුලසිට ගවේෂණය කිරීම අපගේ අභිප්රාය වනු ඇත.
රචනය -
V. K. ලියනආරච්චි
කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය

මහාකුඩුගල කොහෙද තියෙන්නේ?
ReplyDeleteනුවරඑළියේ
Delete