පුරාවිද්යාව සහ ඒ හා බැදුණු කතා
ඉතා ඈත අතීතයේ සිටම ශ්රී ලාංකිකයන් නැතිනම් , හෙළයන් කියන්නේ තමාගේ විශිෂ්ටත්වය විවිධ වූ අංශ ඔස්සේ වැඩි දියුණු කර ගත් හා එය ලොවට මනාව පෙන්වා සිටි පිරිසක්. එදිනෙදා ජීවිතය පහසුවෙන් ගත කිරීමට මෙන්ම, තම රටේ ආරක්ෂාව උදෙසාද හෙළයන් විසින් විවිධ වූ උපක්රම යොදා ගෙන තිබුනා. මෙලෙස අපට අතීතය දෙස හොදින් අපගේ ගවේශනාත්මක දෙනෙත් යොමු කල විට සිය දහස් ගණනක් උදාහරණ ලෙස හදුනා ගන්නට පුළුවන් වෙනවා. එමෙන්ම ඔවුන් විසින් විවිද වූ නිර්මාණද ලොවට දායාද කර තිබෙනවා. "පුරාවිද්යාව" කියන විෂය තුලදී අපි බොහෝ විට යොමු වන්නේ ඉතා ඈත අතීතය තුල,මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ආගමික නිර්මාණ, සංස්කෘතිකාංග පිලිබදව සොයා බලමින්, එම මිනිසුන්ගේ සමාජය පිලිබඳ නිගමන වලට එලබීමය. මෙහිදී හදුනා ගත හැකි වන විශේෂම කරුණ වන්නේ එම සොයා ගැනීම් සියල්ලම මෙතෙක් ලොවට අනාවරණය නොවූ ඒවා වීමත්, එම සොයා ගැනීම් පර්යේෂණ වල නියුතු කණ්ඩායම් වලට සිතීමට නව මාර්ග විවර වීමත් , ඉතා වැදගත් වූ නිගමන වලට එලබීමට හැකියාව ලැබීමත්ය. එමෙන්ම ඒ පිළිබද අවධානය යොමු කර සිටින පිරිස් සදහාද නව දැනුම සොයා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ශ්රී ලංකාව කියන්නේ ප්රධාන වශයෙන්ම ඉතා පැරණි හා දිගු ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ඉතින් මේ ශ්රී ලංකා ද්වීපය තුල අතීතයේ විසු මිනිසුන් , මා පෙර කි විලස තම හැකියාවන් ලොවට ප්රදර්ශනය කර තිබෙනවා. උදාහරණ ලෙස, වාරි තාක්ෂණයේ ඉතා විශිෂ්ට නිර්මාණයන් ලොවට හදුන්ව දී තිබෙනවා ඒ වගේම කාගේත් සිත් ගත් ලොව මවිත කරවන කාශ්යප රජු විසින් තම බලකොටුව ලෙස භාවිත කල සීගිරිය, පොලොන්නරුව හා අනුරාධපුර රාජධානි වල නිර්මාණය කෙරුණු මහා ප්රාසාද , කළු ගලින් මතු කෙරුණු නිර්මල බුදු පිළිම, වැනි දේවල් හදුන්වා දෙන්න පුළුවන්. තවත් අනේකවත් නිර්මාණ අතීතයේ සිටි මිනිසුන් අතින් ලොවට දායාද වූ බව නොරහසකි.එමෙන්ම මෙම ස්ථාන හා බැදුණු විශේෂ කතා යනාදියද හදුනා ගත හැකිය. ඒවා පිලිබදව අවදානය යොමු කිරීමද ඉතා වැදගත්ය.
වර්තමානයේ වෙසෙන පුද්ගලයන්ට මේ පිලිබදව අවධානය යොමු කිරීමට ඉතා දැඩි උවමනාවක් පවතී. එම නිසා මෙම “Prano Pera” විසින් ඔබට මෙම "පුරාවිද්යාව" අනු මාතෘකාව යටතේ ලිපි පෙළක් ගෙන ඒමට සුදානම්. එමෙන්ම එම විෂය ඔස්සේ තොරතුරු සොයා යාමට කැමති ඔබ හටද මීට සම්බන්ද වීමට හැකියාව තිබෙනවා. මෙම කෙටි හැදින්වීම හුදෙක්ම අප ආවරණය කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව පිළිබඳව දැනුවත් කිරීමක් වන අතරම මින් ඉදිරියට අප කණ්ඩායම විසින් විවිද වූ තොරතුරු ඔබ හා බෙදා ගැනීමට සුදානම්.
රචනය -
B.M.සමන්ත බණ්ඩාර බස්නායක
කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය


Wynn Casino & Hotel Las Vegas Tickets - JamBase
ReplyDeleteBuy Wynn Casino & Hotel Las Vegas tickets at Ticketmaster.com. 오산 출장샵 Find 동해 출장샵 Wynn Casino & 진주 출장안마 Hotel Las Vegas venue concert and event schedules, venue information, directions, Wed, 보령 출장마사지 Dec 15Pink Martini featuring China Fri, Dec 강원도 출장샵 17Chris Isaak - Holiday TourSat, Dec 18Chris Isaak - Holiday Tour