අදෘශ්යමාන බලවේග සත්ය ද ?
මරණය යනු සෑම සත්වයෙකුටම උරුම පොදු ධර්මතාවයකි. මෙම විශ්වය තුල හටගත් සැම ජීවි අජීවී සත්වයෙක්ම සහ වස්තුවක්ම කවද හෝ දිනෙක මරණයට , විනාශයට පත්වීම නොවැලැක්විය හැකි දෙයකි.
මරණෙන් මතු ජීවිතය පිළිබඳව සමාජය තුල විවිධ මතවාද අසන්නට දකින්නට ලැබේ . ඒ අතරින් ආගමික මතවාද විශේෂ තැනක් ගනී . බොහෝ ආගමික ඉගැන්වීම් වලට අනුව මරණය යනු , කිසියම් සත්වයෙකුගේ මනෝකාය අදාල ශරීරයෙන් ඉවත්ව වෙනත් අත්මභාවයක් ලබා ගැනීම සඳහා වෙනත් භෞතික ශරීරයක් කරා ගමන් කීරිමයි. තවද , තවත් මතවාද වලට අනුව සත්වයෙක් මරණයට පත්වීමෙන් අනතුරුව අදාල සත්වයාගේ ආත්මය දෙවියන් වහන්සේ කරා ගමන් කරන බවට සඳහන් වේ. ඒ නමුත් , මේ සියලු මතවාද මෙලෙස පවතින කල අප සමාජය තුලින් මේ හා සම්බන්ධ අත්භූත කරුණු කාරණා අසන්නට සහ දකින්නට ලැබේ. එනම් , වෙන කිසිවක් නොව , හොල්මන් , අවතාර , ප්රේතආත්ම , යන සම්මත ගවේෂණයන්ට පරිබාහිර වූ දෑ වේ .
සත්ය වශයෙන්ම හොල්මන් අවතාර සිටිනවද ? එසේනම් මෙම සත්වයන් කවූරුන්ද ? ඔවූන් මිනිස් ජීවිත කෙරෙහි බලපෑම් ඇතිකරනවද ? නැත්නම් මොවූන් මරණෙන් පසු වෙනත් අත්මභාවයක් ලබා ගැනීමටත් නොහැකි වූ , දෙවියන් වහන්සේ කරා ගමන් කිරීමටත් නොහැකි වූ මිනිස් ඇසට නොපෙනෙන වෙනත් මානයක සිටින සත්ව කොට්ඨාශයක් ද ? යන්න ප්රශ්න රාශියක් පිළිතුරු නැතිව වර්තමාන සමාජය නිරුත්තරව සිටි .
තවද , මෙම හොල්මන් , අවතාර , බොහෝදෙනා මිත්යාවක් ලෙස බැහැර කරයි , කෙසේවෙතත් ලොව නන් දෙසින් මේ හා සම්බන්ධව සිදුවන සිදුවීම් සලකා බැලු කල මෙම සංකල්ප හුදෙක් මිත්යාවක් ලෙස බැහැර කල යුතුද යන්න දෙවරක් සිතා බැලිය යුතුය .
එසේනම් "PARANO PERA " අපි විසින් ඉදිරියේදී මෙවැනි කරුණු කාරණා , සිදුවීම් සහ විවිධ සමාජ මතවාද පිළිබඳව තියුණු ඇසකින් ගවේෂණය කර සත්ය කුමක්ද යන්න ලොවට හෙළි කීරීමේ අපේක්ෂාවෙන් දැනට සමුගනිමි .

රචනය
W.S. නිරෝෂන්
කළමනාකරණ පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය

මේ ආටිකල් කියවල බලන්න
ReplyDeletehttps://sandaruwn.blogspot.com